විදෙස්

ටෝකියෝවලට ‘ෆැක්සායි’ බලපෑම් කරයි

(UTV|ජපානය) – ජපානයේ ටෝකියෝවලට බලපා ඇති ෆැක්සායි නම් ප්‍රබල සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් දස දහසක පමණ පිරිසක් වාසස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 216 ක ප්‍රබලත්වයකින් ටෝකියෝ බොක්ක හරහා චිබා අර්ධද්වීපයට අද අලුයම ළඟාවී ඇති අතර , එහි බලපෑමෙන් අධික වර්ෂාවක් සහ ජල ගැලීම් තත්ත්වයක්ද හටගෙන ඇති අතර, විදුලිය බිඳවැටීම් හේතුවෙන් දෙලක්ෂ අනූ දහසක පමණ ජනතාවක් පීඩාවට පත්ව තිබේ.

මේ හේතුවෙන් ටෝකියෝ හි දුම්රිය ගමන් වාර 100 ක් සහ ගුවන් ගමන් 100 කට වැඩි ප්‍රමාණයක් ද මේ වනවිට අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

ආපදාවෙන් වැඩි බලපෑම් එල්ලවනු ඇති බවට සැක පල කෙරෙන ඉහළ ටෝකියෝ ප්‍රදේශයේ වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යන ලෙසත් බලධාරීන් දැනුම් දී තිබේ.

ජපානයට මෙම කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙන්නේ රග්බි ලෝක කුසලානය පැවැත්වීමට සූදානමින් සිටින පසුබිමකය.

ඇතිවී තිබෙන අයහපත් කාළගුණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායම ජපානය වෙත පැමිණීම ප්‍රමාද කර ඇති බවත් වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්කොට්ලන්තයේ විශාල ගින්නක්

Mohamed Dilsad

ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment