ප්‍රමුඛ පුවත 1

රුසියානු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපතිවරයා තරයේ හෙළා දකී

(උදයම්,කොළඹ)   –  රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ උමං දුම්රිය ස්ථානයක් ඉලක්ක කර ගනිමින් සිදුකෙරුණු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තරයේ හෙළා දකී.

රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා වෙත ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සදහන් කළේ මෙම සිදුවීම පිළිබද පුවත අසා තමා දැඩි ශෝකයට පත්වූ බවයි.

මෙම අසීරු අවස්ථාවේදී ශී‍්‍ර ලංකා රජයත්, ජනතාවත් රුසියානු රජය සහ ජනතාව සමග අත්වැල් බැද සිටින බව ද ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

අදාළ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙත සිය බලවත් සංවේගය පළ කරන ජනාධිපතිතුමා, තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි.

Related posts

පක්ෂ බේදයෙන් තොරව ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටුකිරීම සියලු දේශපාලන නියෝජිතයින්ගේ වගකීමයි

Mohamed Dilsad

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සවිබලගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මත රැදෙන බව ජනපති පවසයි

Mohamed Dilsad

අදින් පසු විදුලිය කපන්නේ නෑ..

Mohamed Dilsad

Leave a Comment