ප්‍රමුඛ පුවත 1

අගමැතිට සිතාසි නිකුත් කරයි

(UTV| කොළඹ) – අගමැති රනිල් වික්රතමසිංහ මහතා හට දූෂණ වංචා පිළිබද සොයන ජනාධිපති කොමිසම හමුවට හෙට දිනයේදී පෙනී සිටීමට නොහැකි බව දැනුම්දීම හේතුවෙන් එළඹෙන 16 වනදා පෙනී සිටින්නැයි අගමැතිවරයාට යළි සිතාසි නිකුත් කරයි.

ඒ පිළිබඳව ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කොමිසම හමුවට දැනුම්දී ඇති අතර , මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇති බවට පවසමින් අදාළ දැනුම්දීම සිදුකර තිබේ.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාට ලබන 16 වනදා උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත් කළ බව එම කොමිසම ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවනු ලැබීය.

Related posts

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුම හෙට අත්සන් තබයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

පිදුරංගල පර්වත මුදුනේ නිරුවත් ඡායාරූප ගත් තරුණයින් සම්බන්ධයෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment