ප්‍රමුඛ පුවත 1

දුලක්ෂි ප්‍රනාන්දු යලි රිමාන්ඩ්

(UTV| කොළඹ) වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනි දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සහෝදරිය ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය මස 19 වනදා වෙන්නප්පුව, සීනෝර් ප්‍රදේශයේදී රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ මන්ත්‍රීවරියගේ සහෝදරිය පොලිසිය විසින් රඳවා ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය පවුලේ සාමාජිකයින් සමඟ එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණි.

සිද්ධිය පිළිබද අධිකරණයට වාර්තා කිරිමෙන් පසුව මන්ත්‍රීවරිය, ඇයගේ සහෝදරියන් දෙදෙනෙකු සහ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පොලිස් නිළධාරියෙකුගේ ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති අතර අදාල විඩියෝ පටයක් ද සමඟිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජයේ සුදානමක් [VIDEO]

Mohamed Dilsad

සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිදට ජිවිතක්ෂයට.

Mohamed Dilsad

දුම්රිය සේවාව යළිත් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස දීර්ඝ කෙරේ (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment