ප්‍රමුඛ පුවත 1

එජාප අපේක්‍ෂකත්ව අර්බුධය විසඳන තවත් සාකච්ඡාවක් ළඟදීම

(UTV| කොළඹ) – එකසත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පවතින අර්බුධය විසඳීම සඳහා මේ සතිය අවසන් වීමට පෙර සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තාවේ.

ඒ අනුව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂවල නායකයන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුදානම් බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

පසුගියදා පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්‍ෂ වලද කැමැත්ත ලබා ගැනීම අත්‍යාවශ්‍ය වන බවයි.

ඒ අනුව අදාල සාකච්ඡා පැවැත්වෙන්නේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,අමාත්‍ය පාටලී චම්පික රණවක,අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය මනෝ ගනේෂන් අතර බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

විශ්වාසභංගය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment