ක්‍රීඩා

පාකිස්තාන සංචාරය පිළිබදව අයි.සී.සී.ය ආරක්ෂක විධි විධාන ඇගයීමකට

(UTV | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකා පිළේ පාකිස්තාන සංචාරය සඳහා විනිසුරුවන් සහ තරඟ තීරකයන් පත් කිරීමට පෙර එහි ආරක්ෂක විධි විධාන ඇගයීමට ලක් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අයි.සී.සී. ය මගින් පාකිස්තාන රජය තරගාවලිය සඳහා යෙදීමට අපේක්ෂා කරන ආරක්ෂක සැලසුම් ඇගයීමට ලක් කරනු ඇති අතර උර්දු බසින් පළ වන පාකිස්ථාන පුවත්පතක් මේ බව හෙළිදරව් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

රජය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුකළ අනතුරු ඇගවීම හේතුවෙන් මෙන්ම ප්‍රබල ක්‍රීඩකයන් දස දෙනෙකු ආරක්ෂක හේතූන් මත සංචාරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ මස 27 වනදා ආරම්භ වීමට නියමිත පාකිස්තාන සංචාරය අවිනිශ්චිත වී තිබේ.

කෙසේවුවද සංචාරය සඳහා කණ්ඩායම ද මේ වන විට නම් කර අවසන් වන අතර එය අවලංගු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැත.

Related posts

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

Mohamed Dilsad

පළාත් 20යි-20ට පුහුණුකරුවන් 04 ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment