විදෙස්

ඉන්දියාවේ ඊ-සිගරට් තහනම් කෙරේ [VIDEO]

(UTV-කොළඹ) – ඉන්දියාවේ ඊ-සිගරට් නිෂ්පාදනය, ආනයනය හා අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වන යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ බව එරට වාර්තා සඳහන් කර ඇත.

ඉන්දියාව තුළ වැඩිහිටි දුම්පානය කරන්නන් මිලියන 100ක් පමණ සිටින බව අනාවරණ කරගෙන ඇති අතර ඊ – සිගරට් වලින් ජනතාවගේ සෞඛ්‍යයට එල්ලවන අහිතකර බලපෑම හේතුවෙන් ඒවා නිෂ්පාදනය, ආනයනය හා අලෙවිය මුළුමණින් තහනම් කිරීමට ඉන්දීය රජය මේ වන විට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ යොවුන් දරුවන් හා තරුණ පිරිස් අතර ඊ – සිගරට් වසංගතයක් සේ පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය නිසාවෙන් මේ පියවර ගත් බවයි.

එමෙන්ම ඊ සිගරට් සම්බන්දයෙන් වෙළඳ ප්‍රචාරණයක් සිදු කිරීමද අදාළ නීතිය යටතේ තහනම් කර තිබෙන අතර අදාළ තහනම කඩ කරන්නන්ට වසර තුනක සිර දඬුවමක් හෝ අමෙරිකානු ඩොලර් 7020ක දඩ මුදලක් හෝ එම දඬුවම් දෙකටම යටත් වීමටත් සිදුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් යානයක් අතුරුදන්

Mohamed Dilsad

බිලි පුජාවකට ඉන්දීය දැරියක් ඝාතනය කරයි

Mohamed Dilsad

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි

Mohamed Dilsad

Leave a Comment