ප්‍රමුඛ පුවත 1

අර්ධ අබාධිත සෙබළුන්ට වැටුපෙන් 75% විශ්‍රාම වැටුපක් ලෙස

(UTV| කොළඹ) – අර්ධ ආබාධිත රණවිරුවන්ටද වැටුපෙන් සියයට 75 ක් විශ්‍රාම වැටුපක් ලෙස දීමට යෝජනා කර ඇති බව රජය පවසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ලබන සතිය වනවිට කැබිනට් මණ්ඩලයේදී අවසන් තීරණයක් ගත හැකි වනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා  මෙහිදී කියා සිටියේය.

මෙහිදී මංගල සමරවීර අමත්‍යවරයා පැවසුවේ මේවා පාරට බැස විසඳගත යුතු ප්‍රශ්න නොවන බවයි.

ඇතැමුන් මෙම විරෝධතාවය හරහා පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරන බවත් ඒ ඔස්සේ  තවත් කොටසක ලකුණු දමා ගැනීමට අවස්ථාවක් කර ගන්නා බවත් මුදල් අමාත්‍යවරයා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා විදුලිබල මණ්ඩලයේ ණය පිලිබඳ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

පළාත් කීපයකට පස්වරුවේ වැසි…

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට

Mohamed Dilsad

Leave a Comment