විදෙස්

සවුදියෙන් ඉරානයට අනතුරු ඇගවීම්

(UTV | කොළඹ) – තෙල් පිරිපහදු සංකීර්ණ වෙත එල්ල කළ ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවත් , ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් සෞදි අරාබියේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අදෙල් අල් ජුබයිර් මාධ්‍ය අමතමින් සඳහන් කර තිබේ.

ප්‍රතිචාර දැක්විය යුතු පියවර පිළිබඳව සිය මිතුරු රටවල් සමඟ අදහස් හුවමාරු කරගනිමින් සිටින බවත් ඔහු එහිදී අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ඇතුලූ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය සෞදි අරාබියට දැන් වෙන කවරදාකටත් වඩා අවශ්‍ය වන බව රාජ්‍ය අමාත්‍ය අදෙල් අල් ජුබයිර්, වැඩිදුරටත් කියා සිට ඇත.

Related posts

ඔමික්‍රෝන් හි උප ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනේ

Mohamed Dilsad

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

Mohamed Dilsad

නාසා ආයතනය රුසියානු සහාය ගත් අවසන් අභ්‍යාවකාශ මෙහෙයුම

Mohamed Dilsad

Leave a Comment