ප්‍රමුඛ පුවත 1

ඕනෑම හදිසි ආපදාවක් දැනුම්දීමට දුරකථන අංක දෙකක්

(UTV| කොළඹ) – අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, ඕනෑම ආපදාවකදී 011 2 587 229 සහ 011 2 454 576 යන පොලිස් පරිසර නාවික ආපදා කළමණාකරණ දිසාවේ දුරකථන අංක වෙත දැනුම්දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම, ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක හා ආපදා සහන නිලධාරීන් 150 දෙනෙකු කළුතර, ගාල්ල සහ මාතර පොලිස් කොට්ඨාශ වෙත යොමුකර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ කිමිදුම් පුහුණුව ලැබූ නිලධාරීන් 50 ක්ද අවශ්‍ය ස්ථාන වෙත යොමුකිරීමට පොලිස් නාවික කොට්ඨාශය සූදානම්ව සිටින අතර එම කොට්ඨාශය සතු යාත්‍රා 50 ක් සහ ඔරු 35ක්ද යොමුකර තිබෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පැෆරල් සංවිධානයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment