ප්‍රමුඛ පුවත 1

” ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදනවා” – සජිත් [VIDEO]

(UTV-කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ලැබුණු අපේක්ෂකත්වයත් සමඟ මාතෘ භූමිය නව යුගයක් කරා ගෙන යාමට සූදානම් බව  අවධාරණය කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මාතෘ භුමිය නව දිශාවක් කරා යොමු කරවමින් අලුත් ආරම්භයක් සහ මනුෂ්‍යත්වයට මුල්තැන දෙන යුගයක් නිර්මාණය කිරීමට තමා සැදී පැහැදී සිටින බවයි.

තමා හොඳින් හඳුනනා පුද්ගලයින් දන්නා බවත් මොනම සන්ධානයකින් පවා පවසනා කිසියම්ම දෙයක් ඔහුට අදාල නැති බවත් එක්සත් ජාතික පෙරමුණ රජය 2015 දී ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් ඒකීය ශ්‍රී ලංකාව තුල උපරිම බලය බෙදීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කර සිටියේය.

https://www.facebook.com/sajithpremadasa/videos/2412156222365115/?t=4

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළි අමාත්‍යධුර ලබා දෙන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් නොකරන බව ඇමති විජේදාස කියයි

Mohamed Dilsad

විදෙස් තැපැල් මළු දහසක් ගුවන්තොටුපලේ හිරවෙයි

Mohamed Dilsad

Leave a Comment