ප්‍රමුඛ පුවත 1

අරුවක්කාලු අංගනයට ආ ටිපර් රථ 28 කට ජනතා විරෝධය

(UTV | කොළඹ) – අරුවක්කාලු කසල අංගනය වෙත කසල රැගෙන පැමිණි ටිපර් රථ 28 කට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදී පිරිසක් විරෝධතාවයක නිරත වී ඇත.

අරුවක්කාලු කසල අංගනය ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළේය.

සේරක්කුලිය ධීවර ගම්මානයේ පදිංචිකරුවන් පසුගිය 29 වැනිදා අරුවක්කාළු කසල අංගනය හේතුවෙන් තමන්ගේ ජන ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව සදහන් කරමින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.

මේ අතර කොළඹ එකතු වන කසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම සඳහා ඉදිරි මාස 06 ක කාලයක් සඳහා රුපියල් කෝටි 72 ක මුදලක් කොළඹ නගර සභාව විසින් වෙන් කිරීමට ද තීරණය කර ඇති බව වාර්තා විය.

Related posts

රාජකීයට සිසුන් ඇතුලත් කිරීම සඳුදා සිට යළි අරඹයි

Mohamed Dilsad

කොලොන්නාවට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment