ප්‍රමුඛ පුවත 1

වංචා සහ දූෂණ සොයන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

(UTV | කොළඹ) – ජනාධිපති කොමිසමේ කාලය ලබන 31 වනදා දක්වා දීර්ඝ කර ඇත.

වත්මන් රජයේ සිදුවූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ජනවාරි මස 22 වනදා මෙම කොමිසම පත්කරනු ලැබීය.

රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සම්බන්ධ පැමිණිලි මේ වන විට 1343 ක් ලැබුණු බව ජනාධිපති කොමිසම සඳහන් කළේය.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් ද කැඳවනු ලැබීය.

ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පසුගිය 26 වනදා ජනාධිපතිතුමාට භාර දුන්නේය.

Related posts

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

රටේ ආරක්ෂාව තර කරන අයුරු ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment