(UTV | කොළඹ) – දින කීපයක පටන් වර්ජනයේ නිරත දුම්රිය රියදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සැළකීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනයට අදට සතියකි.