ව්‍යාපාරික

මාස්ටර් ඩයිවර්ස් නාවුක ක්ෂේත්‍රයේ දශක 04 සම්පූර්ණ කරයි

(UTV | කොළඹ) –   සමුද්‍ර සේවා , නාවුක කටයුතු සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගම් අතර ඉදිරියෙන්ම සිටින එකම ශ්‍රී ලාංකික සමාගම වන මාස්ටර් ඩයිවර්ස් සමාගම නාවුක ක්ෂේත්‍රයේ දශක 04 සම්පූර්ණ කරයි.

W A Tucker සමාගම සහ මාස්ටර් ඩයිවර්ස් සමාගම වසර 40 ක් තිස්සේ ලැබූ පළපුරුද්ද සහ අත්දැකීම් පදනම් කරගනිමින් සිය 40 වන සංවත්සරය “වඩා හොඳම දේ එක්වීම” (‘Better Together’) යන්න තේමා කරගනිමින් පැවැත්වීමට පසුගිය 25 වනදා කටයුතු යොදා තිබුණි.

කෙළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පැවති මෙම 40 වන සාවත්සරික සැමරුම් උත්සවය සඳහා මාස්ටර් ඩයිවර්ස් හි සහාකාර පාර්ශව රැසක් සහභාගි වූහ. ඒ අතර සමුද්‍ර කටයුතු පාර්ශවකරුවන්, සේවා පාර්ශවකරුවන්, ව්‍යාපාර හවුල්කරුවන්, කාර්ය මණ්ඩලය සහ විශේෂ අමුත්තන් රැසක් එක්ව සිටියහ.

වරාය මූලික කරගත් නෞකා ක්‍රියාකාරකම්, සහ අක් වෙරළ කටයුතු , නාවුක ඉදිකිරීම් ක්‍රියාකාරකම් ආදී ක්ෂේත්‍රවල ප්‍රමුඛයින් වන මාස්ටර් ඩයිවර්ස් සමාගම තායිලන්තය, මාලදිවයින, ඉන්දියාව, සිංගප්පූරුව, සහ සෞදි අරාබිය ආදී රටවල් සමඟ සම්බන්ධ වී කටයුතු කරයි. නාවුක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර මෙන්ම යාත්‍රා සතු අසියානු කලාපයේ එකම සමාගම වන්නේ මාස්ටර් ඩයිවර්ස් සමාගමයි. ආසියානු කලාපයේ විශාලතම ටග් යාත්‍රාව මාස්ටර් ඩයිවර්ස් සතු වන අතර නෞකා බඳ පිරිසිදු කිරීම සඳහා වන ලොව විශාලතම යන්ත්‍රය ද මාස්ටර් ඩයිවර්ස් සමාගම සතු වෙයි.

වසර හතළිහක ගමන සහ අඛණ්ඩ සේවා විශිෂ්ඨත්වය පිළිබඳව අදහස් දැක්වූ මාස්ටර් ඩයිවර්ස් සහ ඩබ්. ඒ ටකර් හි නිර්මාතෘ සහ සභාපති ආරියශිල වික්‍රමනායක මහතා සදහන් කළේ නෞකා සහ සමුද්‍රිය කටයුතු සම්බන්ධයෙන් පැරණිතම මෙන්ම කිර්තිමත් සමාගමක් ලෙස සර්ව සම්පූර්ණ කඩිනම් උසස් සේවාවක් සැපයීම තුළින් මෙම සාර්ථක පියවරට ළඟා වූ බවයි.

මාස්ටර් ඩයිවර්ස් හි දශක 4ක ගමනේදී මිල කළ නෙහැකි දායකත්වයක් ලබාදුන් ව්‍යාපාරික හවුල්කරුවන්ටත්,කර්මාන්ත හවුල්කරුවන්ටත්, මුල්‍ය ආයතන සහ කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාව පළ කරන බව ද වික්‍රමනායක මහතා මෙහිදී සඳහන් කළේය.

නුදුරු දිනයකදීම සමස්ථ දකුණු ආසියාවේම ප්‍රමුඛතම කිමිදුම් සහ සමුද්‍ර සේවා සපයන්නා බවට මාස්ටර් ඩයිවර්ස් පුද්ගලික සමාගම පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ආරියශීල වික්‍රමනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

නෞකා ඇදගෙන යාම්, බේරා ගැනීම්, නාවුක ඉංජිනේරු,සිවිල් ඉංජිනේරු, නෞකා බර කිරීම හා ඒ හා සම්බන්ධ සේවා රැසක් මාස්ටර් ඩයිවර්ස් විසින් පවත්වා ගෙන යයි. විස්තීරණ සමුද්‍ර සේවා වල ශ්‍රී ලාංකේය අනන්‍යතාව වන්නේ ද මාස්ටර් ඩයිවර්ස් අයතනයයි.

වර්ෂ 1978 දී පිහිටුවන ලද මාස්ටර් ඩයිවර්ස් ආයතනය මෙර ඉතිහාසයේ සුවිශේෂි සමාගමක් ලෙස දැක්විය හැකිය. වික්ටෝරියා වේල්ලේ එක් දොරටුවක් විවෘත නොවීම නිසා ජලය පිරී ජලාශය සහ වේල්ල දැඩි අවධානමකට ලක්වූ අවස්ථාවේදී එහි දොරටු විවර කිරීම සදහා කිමිදුම් සේවාව සපයනු ලැබුවේ මාස්ටර් ඩයිවර්ස් අයතනයයි. එමෙන්ම මෙගාවොට් 390 ක විදුලි උත්පාදනයක් සහිත විදුලි බලාගාරය මුතුරාජවෙල දක්වා මුහුදු මඟින් ප්‍රවාහනය කරන ලද්දේ ද මාස්ටර් ඩයිවර්ස් අයතනය විසින් වන අතර පුත්තලම බලාගාරය ද කොළඹ වරායේ සිට පුත්තලම දක්වා ප්‍රවාහනය කළේ මාස්ටර් ඩයිවර්ස් විසිනි.

Related posts

මිලියන 45,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

Mohamed Dilsad

සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ කලාපීය වැඩමුළුව අද සිට

Mohamed Dilsad

දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොස ආයතනයට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment