ප්‍රමුඛ පුවත 1

2019 ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයින් 35 දෙනෙක් [PHOTO]

(UTV | කොළඹ) –  2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (07) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය.

මේ සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධින අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැම්පත් කොට තිබුණි. ඔවුන් අතරින් චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම හා මහීපාල හේරත් යන මහත්වරුන් නාම යෝජනා භාර නොදෙන බව දැනුම් දුන් බව මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.

ඇප මුදල් තැම්පත් කොට සිටි තවත් දෙදෙනෙකු නාම යෝජනා භාර දීමට පැමිණ සිටියේ නොමැති බව නාම යෝජනා භාර ගැනීමේ කාලය අවසන් විමෙන් පසු මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.

නාම යෝජනා සඳහා විරෝධතා දෙකක් ලැබුණු බවත් මෙම විරෝධතා මැතිවරණ පනතට අනුව පිළිගත නොහැකි බවත් සභාපතිවරයා පැවසීය.

මෙවර අපේක්ෂකයින් 06 දෙනෙකු නාම යෝජනා භාර දී නැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිනුවන්ගොඩ අත්අඩංගුවට ගත් 13දෙනා අතරින් 09ක් රිමාන්ඩ්

Mohamed Dilsad

අද සිට විදුලිය කැපීම කාල සටහනකට අනුව..

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment