(උදයම්,නුවරඑළිය) – බගවන්තලාව කර්කස්වෝල් වතු යායේ පහත් බිමක ඇළ මාර්ගයක් කැපීමේදී හමුවු මැණික් ඉල්ලම් තොගය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාර දෙයි.
පසුගිය දිනවල පැවති වැසි හේතුවෙන් නිවාස ජලයෙන් යටවීම වැලැක්වීමට අඹගමුව ප්රාදේශීය සභාව මගින් ඇළ මාර්ගය කපා ඇත.
පසුගිය දිනවල පැවති වැසි හේතුවෙන් නිවාස ජලයෙන් යටවීම වැලැක්වීමට අඹගමුව ප්රාදේශීය සභාව මගින් ඇළ මාර්ගය කපා ඇත.
එහිදී හමුවු මැණික් ඉල්ලම් තොගය මැණික් ජාවාරම්කරුවන් පිරිසක් රැගෙන යාමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව පොලිසිය මැදිහත් වීමෙන් ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදී ඇත.
එම ඉල්ලම් තොගය අද බගවන්තලාවේදී ප්රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතය.