ප්‍රමුඛ පුවත 1

ඇමති මංගලගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ නියෝජිතයන් පිරිසක් අතර සාකච්ජාවක් අද (09) පෙරවරුවේ පැවැත්විණි.

කොළඹ පිහිටි අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති එම සාකච්ජාවට නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 37 දෙනෙකු එක්ව සිටි බවට වාර්තා වේ.

මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ මෙම අවස්ථාවට එක්ව සිටියෝය.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම පිළිබඳව සාකච්ජා වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සහ ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් අද පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

Mohamed Dilsad

සියලුම දෙමළ මාධ්‍ය පාසල් එළඹෙන සඳුදා නිවාඩු

Mohamed Dilsad

2015 පලවා හරින ලද අය නැවත බලයට එපා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment