ප්‍රමුඛ පුවත 1

දැඩි සුළඟකින් මැදිරිගිරියේ නිවාස වලට හානි

(උදයම්,පොළොන්නරුව)  – අධික වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වයක් හේතුවෙන් මැදිරිගිරිය සමඟිපුර නව නගරය සහ සමඟිපුර පහළ කොටස යනආදේශ වල නිවාස 14 කට පමණ හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

නිවාස වාලට සිදුවූ සම්පුර්ණ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.හානිවූ නිවාස වල පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව පොලිසිය පවසයි.

අපදා තත්වයෙන් ජීවිත හානි සිදුව නොමැති අතර යතුරුපැදි කරුවෙකු මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ඔහු තුවාල ලබා මැදිරිගිරිය රෝහලට ඇතුලත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය සහ අපදා අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

Related posts

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

Mohamed Dilsad

ප්‍රවීන ගුවන් විදුලි නිවේදක කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment