ප්‍රමුඛ පුවත 1

එක්ස්ටර්සි නමැති පත්පෙති තොගයක් සමග 3ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – එක්ස්ටර්සි නමැති මත්පෙති ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාශ නීති බල ගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුව මරදාන සුදුවැල්ල හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු එක්ස්ටර්සි නමැති මත්පෙති 3 ක් සමඟ පුද්ගලයෙකු වෑන් රථයකින් යමින් සිටියදී  අත්අඩංගුවට ගෙන ඇත.

මෙමෙ සැකකරු පෙරේදා රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මත්පෙති ලබා දුන් පුද්ගලයෙකු ඊයේ අලුයම යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගැනුණි.ඔහු සතුව තිබී මත්පෙති 04ක් සොයා ගත්තේය.

අනතුරුව සිදු කල පරීක්ෂණ වලදී තවත් සැකකරුවෙකු මරදාන ප්‍රදේශයේදී මත්පෙති 20 ක් සමඟ අත්අඩංගුවට ගැනුණි.සැකකරුවන් අවුරුදු 19.36,39, යන වයස් වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

Related posts

වත්තල රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගනි.

Mohamed Dilsad

උසස් පෙළ දෙවන වර ඇගයීම් ලබන 11 සිට

Mohamed Dilsad

මහා මිනිස් ජාවාරමක ප්‍රධානියෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment