ප්‍රමුඛ පුවත 1

අගමැතිට සහ දයා ගමගේට ජනපති කොමිසමට පෙනී සිටින්නැයි නියෝග

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ අමාත්‍ය දයා ගමගේට නීතිඥ නියෝජනයක් මගින් හෝ තම අයිතිවාසිකම් වෙනුවෙන් කොමිසම හමුවේ මේ මස 18 වනදා යලි පෙනී සිටින ලෙස ඊයේ(15) නියෝග කර ඇත.

මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව එම නියෝගය නිකුත් කර තිබේ.

වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති බණ්ඩාර දිසානායක ලබා දුන් සාක්ෂි අනුව මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දු අනුව මත්තල ගුවන්තොටුපලෙහි වී ගබඩා කිරීමට තීරණය කළ බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ විය.

ගුවන්තොටුපල බලධාරින් සමඟ 2015 දී ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම මත එම පහසුකම් ලබා ගැනීමට පිළිබඳව සාකච්ඡා කළ බව සඳහන් කළ ඔහු,ගුවන්තොටුපල බලධාරින් විසින් වටිනා වායු සමීකරණ ඇතුළු පද්ධතීන් තිබෙන බැවින් එහි ගබඩා පහසුකම් ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කළ බව ද කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඒ පිළිබඳව අමාත්‍ය දයා ගමගේ සමඟ නැවත නැවත සාකච්ඡා කළ බවත්, මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු අනුව මත්තල වී ගබඩා කිරීම අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලීම මත සිදුකළ බවත්, වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ඔහු මෙහිදී විශේෂයෙන් ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන චරිත රත්වත්තේ ද ඊට අදාළව තමන්ට දැනුම්දීම් සිදුකළ බවයි.

ඊට යොදා ගත් මාස 6 න් මාස 3 ක කාලයක් සඳහා කුලී මුදල් නොගෙවූ බව ද ගුවන්තොටුපලට ගොස් යතුරු ලබා ගන්නා තුරු ගුවන්තොටුපල බලධාරින් ඒ ගැන දැන නොසිටි බවද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

මෙහිදී සාක්ෂි දුන් මත්තල ගුවන්තොටුපලේ කළමනාකරු උපුල් කලන්සූරිය, වී ගබඩා කිරීම නිසා ගබඩාවේ විදුලි පද්ධතියට මෙන්ම වායු සමීකරණ පද්ධතියට ද බරපතල හානි සිදුව ඇති බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, මේ මස 18 වනදා කොමිෂන් සභා ආඥා පනතේ 16 වන වගන්තියට අනුව නීතිඥ නියෝජනයක් මගින් හෝ තම අයිතිවාසිකම් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය දයා ගමගේට එහි පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

තවද , අද(16) දිනයේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන චරිත රත්වත්තේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති අජිත් ඩයස්ට ද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව වෙල්ලස්ස සරසවිය ලබන සතියේ ඇරඹේ

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට ලිපියක් [LETTER]

Mohamed Dilsad

Leave a Comment