ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද සහතික කිරීම ආරම්භ වෙයි [VIDEO]

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීමට අදාලව තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරිම අද(15) දින සිදු කෙරුණු අතර, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාර දීම ලබන 18 වන දින සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 31වනදා  සහ නොවැම්බර් 01දා සිදු කිරිමට නියමිත අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 වනදා සිදු කරනු ඇති බව මැතිවරණ කොමිසම කියා සිටියි.

අදාල දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන නිලධාරීන්ට නොවැම්බර් 07 වන දින තමන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථා සලසා තිබේ.

2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාර දීම මෙම මස 25 වන දා සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා දීමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා  යොදා ගෙන ඇති අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් 09 වන දා අවසන් කිරීමට නියමිතයි.

නොවැම්බර් 09 දායින් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබු තැපැල් ඡන්ද දායකයෙකුට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් තම අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බව ද කොමිෂන් සභාව දැනුම් දි තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ අමාත්‍ය මානව හිමිකම් කවුන්සිලය අමතයි

Mohamed Dilsad

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 14ක් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ඉන්ධන මිල පහල බැස්සත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් නෑ

Mohamed Dilsad

Leave a Comment