ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු සංචාරයට යන ක්‍රිකට් ප්‍රධානීන්

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරඟ සංචාරය නැරඹීමට ක්‍රිකට් සභාපති ඇතුළු ක්‍රිකට් ප්‍රධානීන් පිරිසක් මේ වන විටත් සූදානමින් පසුවන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මෙම මස 27දා සිට නොවැම්බර් මස 01දා දක්වා පැවැත්වීමට නියමිත තරඟ සංචාරය නැරඹීම සඳහා ඔවුන්ට ප්‍රභූ පංතියේ ප්‍රවේශපත් 10ක් ලැබී ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම ප්‍රවේශපත් ප්‍රමාණය කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් තවත් ප්‍රවේශපත් 30ක් මිලදී ගැනීමට ක්‍රිකට් පරිපාලන කමිටුවේ අනුමැතියට යොමු කර ඇතැයිද හෙළි වී ඇත.

එසේ වුවද මෙම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සිතාමතා කරන මුදල් නාස්තියක් බවද ක්‍රිකට් ආයතනයේම සේවක පිරිස චෝදනා කර සිටිති.

මීට පෙරද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී මෙවැනිම ආකාරයේ මුදල් නාස්තියක් සිදුවුණු තිබේ

ක්‍රිකට් ආයතනයේ මෙන්ම එහි සාමාජික සංගම්වල වත්මන් පරිපාලනයට ඡන්දය ලබාදුන් පිරිස සඳහා මේ ආකාරයෙන්ම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට වත්මන් ක්‍රිකට් පරිපාලනය පියවර ගෙන තිබිණි.

ඒ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් 30කට වැඩි පිරිසක් එංගලන්තයේ සංචාරයට එක්වූ අතර, ක්‍රිකට් ආයතනයේ සේවකයන් පෙන්වා දෙන්නේ එම මුදල් ක්‍රිකට් යටිතල පහසුකම් දියුණු කිරීමට යෙදවීම සඳහා හැකියාවක් තිබුණු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසිත් මාලිංග IPL වලින් සමු ගනී

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

Mohamed Dilsad

LPL තරගාවලිය පැවැත්වීමට IPG සූදානම්

Mohamed Dilsad

Leave a Comment