ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ලේ අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්(UPDATE)

(උදයම්,කොළඹ) – මේ වන විට තොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස්යතිබේ.තවත් 30 දෙනෙකු පමණ අතුරුදැන්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

(උදයම්,කොළඹ)  – මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙමෙ මෙහෙයුම් කටයුතු නතර කර ඇති බවට මේ වනවිට කට කතා පැතිරෙන බවත් ඒවා අසත්‍ය බවත් හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පිරිස අතර කුඩා ළමයි 6 දෙනෙක් වෙති.

මෙම සිද්ධියෙන් පවුල් 228කට අයත් පුද්ගලයන් 980 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.

අවතැන් වූ පුද්ගලයින් 74 දෙනෙකු පමණ මේ වන විට කොළොන්නාව ටෙරන්ස් එන්. ද සිල්වා මහා විද්‍යාලයේ රදවා සිටී.

ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සලසා දීමට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරේ.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු මිහිදන් කිරීම ඊයේ ආරම්භ වුණි.

ඊයේ පස්වරු 6 පමණ වන විට මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 8ක් කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

මේ අතර මීතොටමුල්ල සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ හමුවේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදි මීතොටමුල්ල සිද්ධියෙන් මිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කඩිනමින් සිදුකර එම සිරුරු ඥාතීන් වෙත භාර දෙන ලෙස අධිකරණය ඊයේ නියෝග කළේය.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ඉන් එක් කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ මිය ගියේය.

තවත් එක් පුද්ගලයෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Related posts

ඥාණසාර හිමියන්ට නිදහස – බොදු බල සේනාව.

Mohamed Dilsad

නිල ඇඳුම් වවුචර් දරුවන්ට නොදුන්නොත් දැඩි විනය පියවර

Mohamed Dilsad

බැසිල්ට රට යන්න අවසර

Mohamed Dilsad

Leave a Comment