ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට ඩුබායි රාජ්‍යයෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ) – එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට එරට සංචාරකයන්ට නව අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.

ගල්ෆ් පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට මෙම අනතුරු ඇගවීම නිකුත් කිරීමට හේතුව වන්නේ පසුගිය අප්‍රේල් 21 වනදා ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ එළඹෙන ජනාධිපතිවරණය හමුවේ පවතින වාතාවරණයයි.

අත්‍යවශ්‍යම අවස්ථාවක හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට එරට රජය ජනතාවට දැනුම් දී තිබේ.

හදිසි අවස්ථාවකදී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ 0718004444 හෝ තානාපති කාර්යාලයේ 0112 301 601 අමතන ලෙස අදාළ ට්විටර් සටහනේ දක්වා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිටි මිල වැඩිවීමත් සමඟ පාන් මිල ඉහළට?

Mohamed Dilsad

20 බලපෑම ගැන විමල් කියන කතාව

Mohamed Dilsad

ජංගම දුරකථන භාවිතා කරන ඔබගේ අවධානට පිණිසයි

Mohamed Dilsad

Leave a Comment