ප්‍රමුඛ පුවත 1

තාජුදීන්ගේ ඝාතනයට අදාළ නඩුව නොවැම්බරයට කල් යයි

(UTV | කොළඹ) – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කළ බවට ඔමුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

අදාළ නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර , අනුර සේනානායක මහතාගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ තම සේවාදායකයා මේ වනවිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

එම නිසා නඩු විභාගය අවලංගු කර කැඳවීම් දිනයක් ලබා දෙන්නැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත නොවැම්බර් මස 07 වනදා කැඳවීමට නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

ජනාධිපති අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ගැන පැමිණිලි භාර ගැනේ

Mohamed Dilsad

Leave a Comment