ව්‍යාපාරික

උත්සව සමයේ දී කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට

(UTV | කොළඹ) –  එළැඹෙන උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සිය එකඟතාවය පළ කර ඇත.

ඒ ,  කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුවයි.

ඒ අනුව සම සහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 450 – 460 දක්වා ද සම රහිත කුකුල් මස් කිලෝවක් උපරිම සිල්ලර මිල රුපියල් 570 කට ද අලෙවි කිරීමට ඔවුන් සිය කැමැත්ත පළ කර ඇත.

මෙම මිල ගණන් ලබන ජනවාරි මස දක්වා වලංගු වනු ඇති බවත්, කුකුල් මස් හිඟයකින් තොරව ලබා දීමටත් ඔවුන් එකඟ විය.

මේ අතර ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව රුපියල් 17 ක තොග මිලට බිත්තරයක් අලෙවි කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව ලබන අප්‍රේල් දක්වා හිඟයකින් තොරව බිත්තර සැපයීමට ද එකඟ වූ ඔවුන් බිත්තරයක සිල්ලර මිල රුපියල් 19 දක්වා පහළ දැමීමට ද අලෙවිකරුවන් දැනුවත් කිරීමට ද සහයෝගය පළ කළේය.

බිත්තරයක වර්තමාන නිෂ්පාදන මිල රු.15.62ක් බවත්,ඒ අනුව රතු බිත්තරයක මිල රු.19.50කට ද, සුදු බිත්තරයක් රු.18.50 ක සිල්ලර මිලට අලෙවි වනු ඇතැයි එහි සභාපති සරත් රත්නායක මහතා අමාත්‍යවරයාට පැවසීය.

මීට අමතරව 037-2293300 යන ක්ෂණික දුරකථන අංකය බිත්තර අලෙවි ගැටළු විසදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මෙහිදී හඳුන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විරැකියාව ඉහළ යයි

Mohamed Dilsad

සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් මේ වසරේදී

Mohamed Dilsad

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment