ප්‍රමුඛ පුවත 1

හබරණ ඇතින්නියන්ගේ මරණය පිළිබඳ සැකයක්

(UTV | කොළඹ) – රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග ප්‍රකාශ කරන ආකාරයට හබරණ – හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදි ඇතින්නියන් 06 දෙනෙකු සහ වන අලියෙකු මිය යාම පිළිබඳව මෙතෙක් අවසන් නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සියළුම විෂ රසායනික එම ඇතින්නියන්ගේ සිරුරු කොටස්වලින් හමු නොවූ බව ඔහු පවසයි.

කෘමිනාශක, පළිභෝධනාශක, ආසනික් ඇතුළු සියළු විෂ වර්ග සඳහා එම පරීක්ෂාවන් සිදුකර ඇති අතර ඒ පිළිබඳ සැකය යොමු වී ඇත්තේ නිර්වින්දික ඖෂධයක් ඇතින්නියන්ගේ මරණයට හේතු වී ඇත්ද යන්න පිළිබඳවයි.

නිර්වින්දික ඖෂධ වුවද මාත්‍රාව ඉක්මවා ශරීරගත කිරීමෙන් වන සතුන්ගේ මරණය සිදුවිය හැකි බව රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග සඳහන් කළේය.

මීට පෙර වනජීවි දෙපාර්තමේන්තුව විසින් ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යාමට හේතුව විෂ ශරීර ගත කිරීමක් බවට සැක පළ කර තිබේ.

ඒ අනුවයි ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබුවේ අදාළ කමිටුව සිය වාර්තාව මඟින් සඳහන් කළේ කිසියම් විෂ වර්ගයක් ශරීර ගතවීමෙන් අලි මරණ සිදුවී ඇතැයි සැක කරන බවයි.

එලෙස ශරීර ගත වී ඇත්තේ කුමක් ද යන්න අනාවරණ නොවූ අතර අදාල විෂ වර්ගය කුමක්ද යන්න පිළිබඳව සොයාබැලීම සදහා එම වාර්තා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබූයේ ඉන් පසුවයි.

හබරණ ඇතින්නියන්ගේ මරණවලට හේතුව නිර්වින්දකයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය රසායනික පිටරටින් ගෙන්විය යුතු බවයි රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

INNOVATE SRI LANKA 2019 ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

ඩොලර් මිලියන 480ක ප්‍රදානය නොලැබුණහොත් පාඩු සිදුවන්නේ ලංකාවටයි

Mohamed Dilsad

කටුනායක මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment