ප්‍රමුඛ පුවත 1

වෙන්නප්පුවේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

(උදයම්,පුත්තලම)  – වෙන්නප්පුව මෝය කටේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එකම පවුලේ වයස අවුරුදු 17 ක ගැහැණු දරුවෙකු සහ අවුරුදු 15ක පිරිමි දරුවෙකු මෙලෙස මිය ගොස් තිබේ.

පවුලේ ඥාතීන්ද සමඟ දිය නාමින් සිටයදී මොවුන් දෙදෙනා දියේ ගිළී අතුරුදන්ව ඇත.

පසුව ගම්වාසීන්ගේ මැදිහත්වීමෙන් මෙම දරුවන්ගේ මළ සිරුරු සොයා ගැනුණු බව පොලිසිය පවසයි.

සිරුරු මාරවිල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද දින සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ

Related posts

බඹර ප්‍රහාරයකින් කාන්තාවක මරුට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට සහන – පුද්ගලයින් 2ක් මියයයි

Mohamed Dilsad

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත

Mohamed Dilsad

Leave a Comment