ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 24 තුළ පළාත් රැසකට තද වැසි

 

(UTV | කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට මිලිමීටර 150 ත් 200 ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැක.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මීට හේතුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දකුණු මුහුදු ප්‍රදේශය හරහා එම පද්ධතිය දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට අද (28) දිනයේ ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ත් 200 ත් අතර වර්ෂාපතනයක් ඇති විය හැකිය.

මේ අතර පොතුවිල් සිට හම්බන්තොට, ගාල්ල, කොළඹ හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර, ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝව සමඟ අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය අද විවෘත කෙරේ [PHOTOS]

Mohamed Dilsad

විපක්‍ෂ නායක සහ ජවිපෙ අතර සාකච්චා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment