ප්‍රමුඛ පුවත 1

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව ජීවත් වෙන්න සජිත්ට සහය දෙන්න – ඇමති රිෂාඩ්

(UTV | කොළඹ) – මේ රටේ සුළු ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයගතහොත් පමණක් බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසනවා.

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව රටේ ජනතාවට සතුටින් ජීවිතය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් පමණක් බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා පසුගියදා පුත්තලමේ පැවැති ජන හමුවක් අමතමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ

“පොහොට්ටුවේ සාමාජිකයෝ මේ වන විට ජාතිවාදය හා ආගම්වාදය අවුළුවමින් රටේ සැනසීම, සාමය හා ආර්ථික සංවර්ධනය විනාශ කරමින් සිටින්නේ හුදෙක්ම ඔවුන්ගේ ජයග්‍රහණය පමණක් අරමුණු කර ගනිමින්. ඔවුන්ගේ අරමුණු විවිධ ජාතීන් හා විවිධ ආගම්වලට අයත් ජනතාව අතර විරසකයන් හා රණ්ඩු සරුවල් ඇති කිරීමයි. මේ ජාතිවාදී හා අන්තවාදී ක්‍රියාකාරකම්වලට දෙමළ මුස්ලිම් අපගේ සහෝදරයන් කිහිපදෙනකුද සහාය දැක්වීම පිළිබඳව තිබෙන්නේ කනගාටුවක්. මෙම මැතිවරණය වඩාත් වැදගත් මැතිවරණයක් වන්නේ ඒ නිසායි”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සොයා ගත් සියළු මත්ද්‍රව්‍ය එකම දිනයක විනාශ කරන්න සුදානම්

Mohamed Dilsad

මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක බේරා ගැනේ [VIDEO]

Mohamed Dilsad

2018 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල දැන් අන්තර් ජාලයේ

Mohamed Dilsad

Leave a Comment