ප්‍රමුඛ පුවත 1

වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමකට

 

(UTV | කොළඹ) – කාණ්ඩ කිහිපයකට අයත් වාහනවල ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

කාණ්ඩ අංක 64, 65, 32, ජී ඒ සිට ජී ඉසෙඩ් දක්වා, එච් ඒ සිට එච් ඉසෙඩ් දක්වා කාණ්ඩවලට අයත් සියලු වාහනවල අදාළ එක්දින සේවාවන් මෙලෙස අත්හිටවා ඇති බව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

සියලු මෝටර් කාර් පන්තියට ගැණෙන රථ සහ වෑන් රථ, කැබ්, ජීප් රථ සහ ලොරි රථවල එක්දින සේවා ද තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.

මෙම කාණ්ඩවලට අයත් වාහනවල ලිපිගොනු පරීක්ෂා කිරීම හේතුවෙන් මෙලෙස එක්දින සේවාව අත්හිටවූ අතර ලිපිගොනු පරීක්ෂා කිරීම අවසන් වූ වහාම ඉදිරියේදී නැවතත් එක්දින සේවාව ආරම්භ කරන බව කොමසාරිස් ජනරාල් වරයා වැඩිදුරටත් පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති හා දේශන හෙටින් අවසන්

Mohamed Dilsad

කොළොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment