ප්‍රමුඛ පුවත 1

ශ්‍රි ලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 27කට වැඩි පාඩුවක්

(UTV | කොළඹ) – ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම් ශාඛාව, කෝප් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම සංගමයේ නියෝජිතයෝ අදාළ පැමිණිල්ල පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදි කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා වෙත ලිඛීතව භාර දුන්හ.

ආයතනය දැවැන්ත පාඩුවකට මුහුණ පා සිටින අවධිය තුළදී ඉහළ කළමණාකාරිත්වය සදහා මෙතෙක් ආයතනය තුළ නොපැවති අලුත් තනතුරු නිර්මාණය කිරීමට පරිපාලනය කටයුතු කරමින් සිටින බවද, ඔවුහු සිය පැමිණීල්ලෙන් චෝදනා කර සිටිති.මෙම පත්කිරීම් හේතුවෙන් සමාගමේ පාඩු ලැබීමේ තත්වය තවදුරටත් වර්ධනය වන බවද පැමිණිල්ල මගින් ඔවුහු පෙන්වා දෙති.

ආයතනයේ කළමණාකාරිත්වය ඇතැම් වෘත්තීය සමිති සම්බන්ධයෙන් පක්ෂග්‍රාහි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෘත්තීය සමිති ආඥා පනත ද උල්ලංගනය කරමින් සිටින බවද, අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම් ශාඛාව කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන් වේ.

කළමනාකාරිත්වයේ අවිධිමත් තීන්දු තීරණ හමුවේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ කොළඹ පවතින කාර්‍යාල කටුනායකට රැගෙන ගිය බවත්,පසුව නැවත ඒවා කොළඹ ට රැගෙන ඒමට කටයුතු කළ බවත්, එම ක්‍රියාදාමය හේතුවෙන් දැවැන්ත මූල්‍ය පාඩුවක් එම සමාගමට සිදුවූ බවත් කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණීල්ලේ සදහන් වේ.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුවට පැමිණිලි මෙන්ම දුක් ගැනවිලි  ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව පවති. මීට පෙර සංචාරක කර්මාන්තයේ නියැලෙන නියෝජිතයෝ පිරිසක් කෝප් කමිටුව වෙත පැමිණ තමන් මුහුණ දි සිටින දුෂ්කරතා පිළීබදව ලිඛිතව කරුණු ඉදිරිපත් කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා [VIDEO]

Mohamed Dilsad

එජාප පාක්ෂිකයින්ගේ අපේක්ෂකයා සජිත් – ඇමති මංගල යාපනේදී කියයි [VIDEO]

Mohamed Dilsad

ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයට

Mohamed Dilsad

Leave a Comment