විදෙස්

දකුණු කොරියානු හිටපු ජනපතිනියට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

(උදයම්,දකුණු කොරියාව )  –   දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාක් ගුවෙන් හෙයිට අල්ලස් ලබා ගැනීම පිළිබඳ අධිචෝදනා ගොනු කරයි.

අද  මෙලෙස ඇයට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

ඊට අමතරව බලය අයුතු ලෙස යොදා ගැනීම, බලහත්කාරකම් සහ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම යන චෝදනා ද ඇයට එරෙහිව එල්ල වී තිබේ.

65 හැවිරිදි පාක් ගුවෙන් හෙයි දෝෂාභියෝගයකින් බලයෙන් පහ කොට අත්අඩංගුවට ගැනුණේ ඇගේ සමීපතම මිතුරියක වන චොයි සූන් සිල් දේශපාලන බලපෑම් මත සමාගම්වලින් මුදල් ලබා ගත් බව හෙළිදරව් වීමෙන් පසුවය.

නමුත් තවමත්ව ඔවුන් දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 70 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

දශක 3 කට පසු ඕස්ට්‍රේලියාවේ දරුණු ආර්ථික අවපාතයක්

Mohamed Dilsad

වායු දූෂණය වැළක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීමට චීනය සුදානම්

Mohamed Dilsad

Leave a Comment