ප්‍රමුඛ පුවත 1

ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) –  මෙවර ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් ඇතුළත් නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ අනුව , සක්‍රීයව සේවයේ යෙදී සිටින කිසිදු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු සහ පොලිස් නිලධාරියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවකට සම්බන්ධවීමට අයිතියක් නොමැති බව එම අමාත්‍යංශය අවධාරණය කරයි.

සක්‍රීය සේවයේ යෙදී සිටින සහ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන් පොලිස් නිලධාරීන් ස්වකීය නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන කටයුතුවල යෙදීමෙන් වැළකිය සිටිය යුතු බවත් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් ප්‍රවර්ධනයට ප්‍රකාශ සහ ඡායාරූප භාවිතයට ඉඩදීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් , නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් අපක්ෂපාතිව ක්‍රියා කළ යුතු බවත් ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරයි.

 

 

 

Related posts

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක පත් කෙරේ

Mohamed Dilsad

ඊශ්‍රායෙලයේ වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි…

Mohamed Dilsad

පොසොන් උත්සවය උත්කර්ශවත් අයුරින් සැමරීමට උපදෙස් – අග්‍රාමාත්‍ය

Mohamed Dilsad

Leave a Comment