විදෙස්

රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට රැකවරණ ලබාදුන් ජේ.රංගනාත් නැමැත්තා මියයයි

(උදයම්,කොළඹ ) – 1991 වසරේදී ඝාතනයට ලක්වු ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට රැකවරණ ලබාදුන් ජේ.රංගනාත් නැමැත්තා මියගොස් තිබේ.
බැංගලෝරයේදී ඊයේ ඔහු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මියයන විට ඔහු 60 වන වියේ පසුවිය.

රජීව් ඝාතකයන් වූ සිවරාසන්, සුභා සහ තවත් පස් දෙනෙකුට ඔහු රැකවරණ ලබාදී තිබුණේ බැංගලෝරය ආසන්නයේ පිහිටි කෝනනකුන්ටේ ප්‍රදේශයේ නිවසකය.

රංගනාත්, රජීව් ගාන්ධි ඝාතන නඩු විභාගයේ 26 වන සැකකරුද ඔහු වේ.
1999 වසරේදී රංගනාත් ඇතුළු සැකකරුවන් 19 දෙනෙකු නිදහස් කෙරුණා.

Related posts

දින 107කට පසු සිඩ්නි නුවර ඇරේ

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ට ශ්වසන යන්ත්‍ර සාදන්නැයි නියෝග

Mohamed Dilsad

ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment