ප්‍රමුඛ පුවත 1

විදේශගත වී සිට පැමිණෙන ඡන්ද හිමියන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් සිය මනාපය පළ කිරීමේදී ජාතික හැදුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

එමෙන්ම , එවැනි ඡන්ද හිමියෙකුට විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් වෙනත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කලද ,ඊට අමතරව සිය අනන්‍යතාවට අදාළව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ආකෘතිය අනුව වූ ප්‍රකාශයක් ද ඉදිරිපත් කිරීමට අනිවාර්ය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

විදෙස් ඡන්ද හිමියන්ගේ නිල ඡන්ද දැන්වීම්පත් පසුගිය වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ සඳහන් සාමාන්‍යය පදිංචි ලිපිනය වෙත තැපල්කොට යවා ඇති බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලිය බිඳ වැටිම් තවදුරටත්..

Mohamed Dilsad

සතොස ලොක්කෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

විජයදාස රාජපක්ෂට වන්දි මුදල ගෙවන ලෙස ලේක්හවුස් ආයතනයට නියෝග.

Mohamed Dilsad

Leave a Comment