ප්‍රමුඛ පුවත 1

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වළක්වාලමින් පෙත්සමක් [UPDATE]

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට සූදානම් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥ දර්ශන වේරදුවගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන අය නම් කර ඇත.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව කියා සිටියි.

එනිසා මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

 


(UTV | කොළඹ) –  මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ සියලු එකගතා සිදුකරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

පවතින නීති රාමුවෙන් කිසිදු බැහැරවීමක් මෙහිදී සිදුවී නොමැති බවත් , ඒ බව නීතිපතිවරයා විසින්ද තහවුරු කර ඇති බවත් එම අමාත්‍යංශය අවධාරණය කරයි.

දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් පසු කැබිනට් මණ්ඩලය පසුගිය අගහරුවාදා දිනයේදී මෙම ගිවිසුමට අනුමැතිය ලබාදී තිබේ.

මෙම සමස්ත ගිවිසුම සහ ක්‍රියාකාරී සැළැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඊට පෙර රජයේ ගැසට් පත්‍රයේ පළකරන බවත් මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණය ආසන්නයේ ආණඩුව ඇමරිකාව සමග හොර ගිවිසුම් අත්සන් නොකළයුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයක් බවත් තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බවත් තරයේ ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

එවැනි ගිවිසුමක් ලංකා ආණ්ඩුව අත්සන් කරනවානම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට ලංකා සතොසෙන් සහනාධාර සැපයීමට පියවර

Mohamed Dilsad

සජිත්ගෙන් හෙට විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

Leave a Comment