ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. 

හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය අසනීප නිවාඩු ලබා ඇති බැවින් අද දිනට නියමිත නඩු කැඳවීම අධිකරණ රෙජිස්ටාර්වරයා විසින් සිදු කරන ලදි.

ඒ අනුව හලාවත මහාධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් අදාළ නියෝගය ලබාදී ඇත.

පසුගිය 2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා නීති විරෝධී ගිනි අවියක් අතැතිව අයුතු ජන රාශියක්ව සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් හලාවත මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරවීමට සූදානම් [VIDEO]

Mohamed Dilsad

ඉදිරි සති තුන ඇතුළත කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩාලයි

Mohamed Dilsad

Leave a Comment