ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ 100 වන ජන රැලියේදී ජනතාවට විශේෂ පොරොන්දුවක්

(UTV | කොළඹ) –  නොවැම්බර් 16 වනදා ජයග්‍රහණයෙන් පසුව ලංකාවේ නිදහසින් පසුව මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වූ දැවැන්තම පෙරළිය අරඹන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පොළොන්නරුව දියසෙන්පුර ප්‍රදේශයේ ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන තවත් ජනරැලියක් අමතමින්.

රටේ ඇති සියලුම කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළටම ගෙන ඒමට කටයුතු කරන බවත් , කෘෂිකාර්මික නිෂ්පාදනය හා රටේ ජාතික නිෂ්පාදනය ඉහළ දමා ගොවිතැන් කරන සමස්ත ජනතාවගේ අතමිට සරු කරන බව ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන ජන රැලියට මහියංගනයේදී එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තම පෞද්ගලික අධීක්ෂණය යටතේ ජනතා ප්‍රශ්ණවලට විසදුම් දෙන බවයි.

පොදු ජනතාවගේ සෑම ප්‍රශ්ණයකටම ජනාධිපති සංවර්ධන ඒකකයක් මගින් පැය විසි හතරක් තුල කඩිනම් විසදුම් දීමට පියවර ගන්නා බව ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් යළි භාර දෙයි

Mohamed Dilsad

පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්…

Mohamed Dilsad

Leave a Comment