විදෙස්

චිලී විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළිත් උග්‍ර ගැටුම්

(UTV | කොළඹ) –  චිලී රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී ඇත්තේ විරෝධතා පාලනයට පොලිසිය ගත් උත්සාහයකදීයි.

ප්‍රවාහන ගාස්තු දිගින් දිගටම ඉහල යන බැවින් මෙසේ විරෝධතා ආරම්භ කළ බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.

පසුගිය සති කිහිපයේදීම සැන්තියාගෝ අගනුවර ඇතුලු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ විරෝධතාවලින් මියගිය පිරිස 18 ඉක්මවීය.

මීට අමතරව 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයේ පසුවෙයි.

සති ගණානාවක් පුරාවට පැවැති විරෝධතාවලදි චිලී ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක පාඩුවක් සිදුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජොකෝ විඩෝඩෝ යලි ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට.

Mohamed Dilsad

ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

Mohamed Dilsad

Leave a Comment