ප්‍රමුඛ පුවත 1

ජේ ශ්‍රී රංගා, ඇතුලූ 6 දෙනෙකුට නඩු

(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, ඇතුලූ හයදෙනෙකුට එරෙහිව අද (07) වවුනියාව මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

2011 වසරේ මාර්තු මස 30 වැනිදා හිටපු මන්ත්‍රීවරයා පැදවූ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සෙට්ටිකුලම රෝහල අසලදී සිදුවූ අනතුරෙන් එහි ගමන්ගත් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගාට මෙම සිද්ධියේදී අපරීක්ෂාකාරී ලෙස වේගයෙන් රිය පැදවීම සහ අනතුරක් සිදුකිරීම යන චෝදනා යටතේ නඩු පවරනු ලැබීය.

ඊට අමතරව මෙම අනතුර වෙනත් අයෙකු සිදුකළ බවට පෙන්වීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේය.

මොහුට අමතරව වවුනියාව ප්‍රදේශය භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, වවුනියාව ප්‍රදේශය භාරව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුලූ තවත් පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට එරෙහිව අද දිනයේ නීතිපතිවරයා විසින් වවුනියාව මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ

Mohamed Dilsad

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment