ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90% ක් සජිත්ට – ඇමති රිෂාඩ්

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90% ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බවත් , එනිසා අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.  

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වවුනියා ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

“මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව එනම් සුළු ජාතීන් මෙම මැතිවරණයේදී ඉතා සුපරක්‍ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි. සුලු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාසට ලබා දෙන විට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එමනිසා මෙම මැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදීගොස් ඡන්දය දීමට බැහැ. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය කොල්ලකෑමට හෝ විනාශ කිරීමට, සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට මෙම මැතිවරණයේදී ඡන්ද වර්ජනයක් කරන බව තවත් කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් පවසමින් සිටිනවා.

තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේ අපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේදී සුළු සුළු පක්‍ෂවල සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. මෙසේ කොටස් කිහිපයකට බෙදී අපගේ ඡන්දය පරිහානියට පත්කළ යුතු නැහැ. සජිත් ප්‍රේමදාස හැර වෙනත් කෙනෙකුට අපි ඡන්දය ලබා දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව අපි දැනගත යුතුයි. අපි සියලු දෙනා බොරු ප්‍රචාර වලට රැවටිය යුතු නැහැ.” යැයිද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් සමාගම් දෙකේ අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Mrs World කිරුළ ශ්‍රීලංකාවට [PHOTO/VIDEO]

Mohamed Dilsad

දෙසැම්බර් අවසානයේ උසස් පෙළ ප්‍රතිපල

Mohamed Dilsad

Leave a Comment