විදෙස්

ඇමරිකානු ජනාධිපතිට මිලියන දෙකක දඩයක්

(UTV | කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන දෙකක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පුණ්‍යායතනයක අරමුදල් ලාබ ලබන ව්‍යාපාර කටයුතුවල යෙදවීම සම්බන්ධයෙන් වරදකරු කරමින් නිව්යෝක් අධිකරණයක් මගින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මෙම දඩ මුදල නියම කර තිබේ.

ඉකුත් වසරේ දී නිව්යෝක් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුවක තීන්දුව ලබාදෙමින් අදාළ තීන්දුව ලබාදී ඇත්තේ සැලිඈන් ස්කාපුලා නැමති විනිසුරුවරියක් විසිනි.

2016 වසරේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙන්ම පුද්ගලිකව චිත්‍ර මිලදී ගැනීම සඳහා මෙම පුණ්‍යායතනයේ අරමුදල් යොදා ගෙන ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔබාමා සත්කාරයට එරෙහි යෝජනාව කොංග්‍රස් මණ්ඩලයෙන් ඉවතට

Mohamed Dilsad

බැග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම ISIS භාර ගනියි

Mohamed Dilsad

රුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයි

Editor O

Leave a Comment