ප්‍රමුඛ පුවත 1

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම කඩිනමින්

 

(UTV | කොළඹ) – ඡන්ද දායකයින් ලක්ෂ 3කට ලබන 10 වැනිදාට පෙර තාවකාලික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කළ පුද්ගලයින්ට එලෙස ඡන්දය භාවිත කිරීමට පමණක් හැකියාව ලැබෙන පරිදි මෙම තාවකාලික හැදුනුම්පත නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේය.

විශේෂිත ආරක්ෂිත කඩදාසියක මුද්‍රණය කෙරෙන මෙම හැඳුනුම්පතෙහි ජාතික හැඳුනුම්පතට ඇතුළත් සියලු තොරතුරු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සන සහිතව නිකුත් කෙරෙනු ඇත.

මෙම හැඳුනුම්පත ඉල්ලුම්කරුවන් අතට පත් කිරීම ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව කැඳවිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

Mohamed Dilsad

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී පැවැත්වේ.

Mohamed Dilsad

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදක සමුළුව ත්‍රීකුණාමලයේ දී

Mohamed Dilsad

Leave a Comment