ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු අවසන්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට එළඹෙන 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු මේ වනවිට අවසන් තිබේ.

රාජගිරියේ පිහිටි මහබැංකු ශ්‍රවණාගාරයේදි ඊයේ (09) ජනාධිපතිවරණයට අදාළ සංවිධාන කටයුතු පිළිබද දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ අතිරේක මැතිවරණ කොමසාරිස්වරුන් ද එක්ව සිටියේය.

එහිදී ඡන්ද විමසීමේ කටයුතු සඳහා ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව හා ඡන්ද ගණන් කිරීම මෙන්ම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව සාකච්ඡා වී ඇත.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොමැති ඡන්ද දායකයන්ට ජාතික හැඳුනුම්පත හෝ පිළිගත් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝ 114 ක් වෙල්ලමුන්දලමෙන් හමුවේ

Mohamed Dilsad

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ නෙදර්ලන්තය සමඟ ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment