විදෙස්

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි තවත් දරුණු අතට

(UTV | කොළඹ) –  ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගින්න මේ වන විට සිඞ්නි නුවර ඇතුළු ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ රැසකට ද දැඩි අවධානම් තත්ත්වයක් මතුකර ඇති තිබේ.

මෙය ව්‍යසනකාරී තත්ත්වයට පත්විය හැකි බව බලධාරීන් අනතුරු අගවා තිබෙන අතර , උණුසුම් කාලගුණික තත්ත්වය සහ තද සුලං හේතුවෙන් ගින්න පැතිරයාම වේගවත් විය හැකි බව බලධාරින් පවසයි.

ලැව් ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් දේපල විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇති බව වාර්තා වේ.

ලැව්ගින්නේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල මිලියන 06ක පමණ ජනතාවක් වාසය කරන බව සඳහන්.

පාසල් 600ක් වසා දැමීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්ද්‍රයාගේ කක්ෂය තුළ පරිභ්‍රමණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළී 24 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment