ව්‍යාපාරික

ඉටි රූ කෞතුකාගාරය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

(UTV | කොළඹ) –  පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (12) පස්වරුවේ විවෘත කෙරිණි.

නූතන යුගයට ගැළපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය අද වෙසෙන ජනතාවට අවබෝධ කරදීම සහ පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ එක් රැස්කිරීමට හා ඒවා මතු පරපුරට සංරක්ෂණය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුගාරය ලෙස මෙම කෞතුකාගාරය ජනාධිපතිතුමා අතින් ජාතියට දායාද කෙරුණේ පසුගිය ජූලි 03 වනදාය.

මේ අතර ජනාධිපතිවරයා වෙත සිය ධූර කාලය තුළ විදේශ රාජ්‍ය නායකයන්ගෙන් ලද ත්‍යාග සහ සිහිවටන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත පවරාදීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙන අතර, එම භාණ්ඩ තැන්පත් කර පොළොන්නරුව තාක්ෂණික කෞතුකාගාරයේ සකස් කෙරුණු මැදිරිය ද අද මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණි.

මෑතකාලීනව සිදුකෙරුණු විශාලතම ව්‍යාපෘතියක් ලෙස ජාතියට දායාද කෙරුණු පොළොන්නරුව තාක්ෂණික කෞතුකාගාරය පිහිටි ඉඩමේ ඔප්පුව කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීමේ ලිපි ලේඛන ද මෙහිදී ජනාධිපතිතුමා අතින් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය වෙත භාරදීම සිදු විය.

Image may contain: 10 people, people smiling, people standing

Image may contain: 12 people, people standing and indoor

Image may contain: 1 person, smiling, indoor

Image may contain: 7 people, people standing and indoor

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මූල්‍ය – ලීසිං සමාගම් අක්‍රමිකතා කමිටුවට පැමිණිලි ගැනීම අදින් ඇරඹේ

Mohamed Dilsad

පහසුකම් රැසකින් සමන්විත ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment