ප්‍රමුඛ පුවත 1

දිවයිනේ සියළුම සුරාසැල් වැසීමට නියෝග

 

(UTV | කොළඹ) – සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් 2019.11.16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිමිත්තෙන් 2019.11.16 හා 17 යන දෙදින තුල දිවයින පුරා ක්‍රියාත්මක වන සියළුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට නියෝග කොට තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවකාශ සැළසීමේ අපේක්ෂාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව සියලු සුරාබදු නිලධාරීන් හට 2019.11.16 හා 17 යන දෙදින සමස්ත දිවයිනම තුල සිය බල ප්‍රදේශයන්හී දී විශේෂ මුර සංචාර හා ග්‍රහණ කටයුතු සිදු කිරීමටත්, සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීමටත්, උපදෙස් ලබා දී තිබේ.

සමස්ත දිවයිනම ආවරනය වන පරිද්දෙන් නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම වැලැක්වීම සඳහා ද නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ද සියලු සුරාබදු නිලධාරීන්හට උපදෙස් ලබා දී ඇත.

මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දිවයින පුරා සුරාබදු ස්ථාන 58 කට අනුයුක්තව සේවය කරනු ලබන සුරාබදු නිලධාරීන් 1000 ක් පමණ වූ සුරාබදු නිලධාරීන්හට ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ගේ හා ඒ ඒ දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියෝග ලබා දී තිබේ.

සියලුම විශේෂ මෙහෙයුම් ඒකකවල සහ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයෙහි නිලධාරීන් මෙම දිනයන්හීදී මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි භාරගැනීම සඳහා අංක 1913 දරණ කෙටි දුරකථන මාර්ගය පැය 24 පුරා විවෘතව පැවැත්වෙන අතර, එමඟින් ලැබෙන පැමිණිලි විමර්ෂණය හා ග්‍රහණය කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ සීරුවෙන් තබා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් කැදවීමක්

Mohamed Dilsad

නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ධුරයට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර

Mohamed Dilsad

Leave a Comment