ප්‍රමුඛ පුවත 1

ජනපති මහා සංඝරත්නයේ ප්‍රශංසනයට

 

(UTV | කොළඹ) – ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ භික්ෂූන් වහන්සේ සහ ජනාධිපතිතුමා අතර පැවති හමුවකදී අට ලෝ දහමින් කම්පා නොවූ දුර දක්නා නුවණින් කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට පහළ වූ ආදර්ශමත් රාජ්‍ය නායකයෙකු බව මහා සංඝරත්නය පෙන්වා දෙයි.

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ අයැදුම්පත සකස් කිරීමේ විද්වත් මණ්ඩලය, ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය, බෞද්ධ උපදේශක සභාව, බෞද්ධ බුද්ධි මණ්ඩලය සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය කරන ස්වාමීන් වහන්සේ එම හමුවට එක් ව සිටියහ.

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජනාධිපතිතුමා කළ මෙහෙය මහා සංඝරත්නය එහිදී අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේය.

මෙරට පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට ද ජනාධිපතිතුමා ඉටු කළේ කිසිදු යුගයක ඉටු නොවූ වැඩ කොටසක් බව මහා සංඝරත්නය එහිදී පෙන්වා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

SriLankan Airlines යළි ඇගයීමට ලක්වේ.

Mohamed Dilsad

රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධ නව චක්‍රලේඛය අත්හිටුවයි

Mohamed Dilsad

කළුතර අපේක්ෂකයින්ටත් ඇමති රිෂාඩ්ගේ සහය(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment